කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පවත්වාගෙන යන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අද දිනය තුළදී අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට අවස්ථාව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවැසීය.
රාත්‍රී 9න් පසුව එම මධ්‍යස්ථානයට එන්නත් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ අඩුවක් පවතින බවත් ඔහු පැවැසීය. මේ වන විට බොහෝ පිරිසක් සිය එන්නත් ලබාගැනීමේ කටයුතු සිදුකර අවසන් හෙයින් මෙසේ රාත්‍රී කාලයට පැමිණීමේ අඩුවක් ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
කෙසේ වෙතත් අද දිනයේද රාත්‍රී 10 පමණ තෙක් එන්නත් මධ්‍යස්ථානය ක්‍රියාත්මක බව ඔහු පැවැසීය. බත්තරමුල්ල දියත උයනේ පවත්වාගෙන යන එන්නත් මධ්‍යස්ථානය සතියේ සඳුදා, අඟහරුවාදා හා බදාදා දිනයේදී පමණක් ක්‍රියාත්මක වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.