මහබැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තා මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්ය වාර්තාවක් ලෙස කෝප් කමිටු ලේකම් කාර්යාලයේ තැබිමට හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා තීරණය කර තිබේ.
වෝහාරික ගිණුම් පිළිබඳ වාර්තා 05ක් ශ්රී ලංකා මහබැංකුවෙන් ලැබී තිබුණී. මෙම වාර්තා කෝප් කමිටු සාමාජිකයන්ට පමණක් පරිහරණය කළ හැකි බවටත් ,ඒවා නීතිමය කටයුතු සදහා පමණක් භාවිත කළ යුතු බවටත්, නීතිපතිතුමා ලබාදි ඇති උපදෙස් ප්රකාරව ඒවා රහස්ය ලෙස තබා ගැනීමට කටයුතු කරන බවද හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඒ අනුව එම වෝහාරික ගිණුම් වාර්තා විවෘත නොකෙරුණු බවත්, ඒවා නැවත කෝප් කමිටුව ස්ථාපනය වූ පසු එහි සාමාජිකයන්ගේ අනුමැතිය මත ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස තමන් කෝප් කමිටු ලේකම් කාර්යාලයට උපදෙස් දුන් බවත් ඒ මහතා පැවසීය.
වසර 2002 සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය තුළ මහ බැංකු ගනුදෙණු සිදුව ඇති ආකාරය පිළිබඳව, මෙම වෝහාරික විගණනයේ දී අවධානය යොමුව ඇත.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ජා කිරිම සදහා කෝප් කමිටුව අද කැඳවා තිබුණ ද, පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමත් සමග එය අවලංගු විය.