චීනයේ වූහන්හි ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන් වහාම නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමට රජයේ අවධානය යොමුව තිබේ.
මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
ශ්‍රී ලාංකික සිසුන් 30කට අධික පිරිසක් වූහන්හි අධ්‍යාපනය හදාරමින් සිටියි.
කෙසේ වෙතත් වූහන්හි ගමනා ගමන කටයුතු බිඳවැටී ඇති හෙයින් ඔවුන්ව නැවතත් ලංකාවට ගෙන්වා ගැනීමට විශාල වැඩකොටසක් සිදුකිරීමට සිදුවෙනු ඇතැයිද වාර්තා වෙයි.
මේ අනුව එහි ගමනා ගමන කටයුතු නැවතත් ආරමභ වූ විගසම සිසුන් ගෙන්වා ගැනිම වෙනුවෙන් පියවර ගන්නා ලෙස ජනපතිවරයා සඳහන් කර තිබේ.