චීනයේ වූහාන් නගරය තුළ දෛනිකව සිදුකෙරෙන අභ්‍යන්තර ගුවන් ගමන් මේ වනවිට නව කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය ඇතිවීමට පෙර පැවැති තත්ත්වයට පත්ව තිබේ.
ඒ අනුව මේ දක්වා වූහාන්හි ටිආන්හේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් අභ්‍යන්තර ගුවන් වාර 500ක් සිදුකරමින්, මගීන් 67,700 ක පිරිසක් ප්‍රවාහනය කර ඇති බව බලධාරීන් පවසයි.
කොවිඩ්-19 වසංගතයේ අපිකේන්ද්‍රය ලෙස සැලකුණු වූහාන් නගරය මෙසේ ශීඝ්‍රයෙන් යථාතත්ත්වයට පත්වීම විශේෂත්වයක් වන අතර, දින 76ක් නගරය ලොක්ඩවුන් තත්ත්වයේ පවත්වා ගනිමින්, දැඩි සෞඛ්යාරක්ෂක පිළිවෙත් සහ ක්‍රමවේද ඔස්සේ ඔවුන් මේ ජයග්‍රහණය ලබාගෙන ඇත.
ඒ අනුව පවතින යහපත් තත්ත්වයත් සමග ඉදිරියේදී සිය ජාත්‍යන්තර මගී ප්‍රවාහන සේවා යළි ඇරඹීමටද ගුවන් තොටුපොළ සූදානමින් සිටින බව බලධාරීන් වැඩිදුරටත් පවසයි.