මධ්‍යම චීනයේ වුහාන් නගරය දින 76ක කොරෝනා වෛරස අගුලු දැමීම සිදුවූ වසරක් සනිටුහන් වීම ඊයේ (අප්‍රේල් 8දා) සිදුවිය. චීනය තුළ වෛරසය මැඬපැවැත්වීම සඳහා එවකට චීනය පුරා සිටි වෛද්‍ය නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් වූහාන් වෙත පැමිණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උපකාර කළහ.
එදා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ අය අතර ශක්තිමත් සුහදතාවයක් හා මිත්‍රත්වයක් ඇති බව ඊට සම්බන්ධ වූ වෛද්‍යවරු පවසති. එම අවස්ථාවේ දී, ඔවුන් පූර්ණ ආරක්ෂිත ආම්පන්නවලින් සැරසී සිටියද, එක් බැල්මකින් හෝ වචනයකින් එකිනෙදා හඳුනා ගන්නා මට්ටමක සිටි බව කියයි. එහි තේරුම මෙම භාරධූර කාර්යයේදී ඔවුන් අතර පැවති ගැඹුරු බැඳීම බව ඔවුන් කියයි.
ඇතැම් වෛද්‍යවරු පවසන්නේ වූහාන් සිට යළි ඒ කාර්යභාරය අවසන් කර පැමිණි විට තමන්ට විශාල අත්දැකීම් සම්භාරයක් හා පරිපූර්ණත්වයක් ලැබුණු බවයි. එදා චීන රජයේද උපරිම සහයෝගය ඇතුව රට ගැන වූ දැඩි විශ්වාසයකින් ප්‍රතිකාර සඳහා ඉහළම දායකත්වයක් ලබාදීමට කැපවූ බව එවකට වූහාන් හි සේවය කළ වෛද්‍යවරු පවසති.
දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසන්නේ ඔවුන් එහි සිටි සෑම දිනයක්ම විශේෂයෙන් මතකයේ රැඳී ඇති බවයි. අතීතයේදී සාස් වෛරසය සමග සටනට සහභාගි වී සිටි වෛද්‍යවරු පවසා සිටියේ, මෙම කොරෝනා වෛරසය සමග වූ සටන හා සැසඳිය හැකි අත්දැකීමක් කිසිදු වෛද්‍යවරයෙකුට නොමැති බවයි.