වාහන කුලියට දෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
මේ අතර ගිනි අවියක් ළග තබාගත් පුද්ගලයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෝමාගම ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබාදෙන ස්ථානයකින් රුපියල් ලක්ෂ 50 ක් වටිනා වාහන එලෙස සැකකරු ලබාගෙන තිබෙනවා.
ඔහු ලබාදී ඇති ලේඛණ ද ව්‍යාජ ඒවා බවට හෙළිවුණා. සැකකරු සිදුකර ඇති වංචා සම්බන්ධයෙන් පැමිණිලි 48 ක් පමණ ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙලෙස අත්අඩංගුවට ගැණුනේ මහනුවර, කොටුගොඩැල්ල වීථිය ප්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. ඔහු ළග තිබී රිවෝල්වරයක් සහ උණ්ඩ 4 ක් පොලිස් භාරයට ගැණුනා. තිස්දෙහැවිරිදි තල්දූව ප්‍රදේශයේ පදිංචි සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 6 ක් ළග තබාගත් පුද්ගලයෙකු වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා.
ගමන් මල්ලක තිබී මෙම නෝට්ටු සොයාගත් අතර ඒවා මුද්‍රණය සදහා භාවිත කළ මුද්‍රණ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගැණුනා.