පළාත් අක්ෂර ඉවත් කිරීම මගින් වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය සේවාලාභීන්ට පහසු වන ආකාරයෙන් සැලසුම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වාහන ලියාපදිංචි කිරීමේදී වාහන අංක තහඩුවට පළාත් හඳුනා ගැනීමේ අක්ෂර එක් කරනු ලබන අතර එමගින් දුම් පරීක්ෂාවේදී හා වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහසුවක් වී තිබේ.
එහෙත් පළාත් අතර වාහන හිමිකම් පැවැරීම සිදු කිරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදුවීම හේතුවෙන් සේවාලාභීන්ට මෙන්ම මෝටර් එත දෙපාර්තමේන්තුවටද ගැටලු ගණනාවකට මුහුණ පෑමට සිදු වී තිබේ.
මෝටර් වාහන ලියාපදිංචි කිරීමේදී සෑම ලියාපදිංචි වාහනයකම අනන්‍ය වූ අංකයක් නිකුත් කරනු ලබන බැවින් දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය හරහා නිවැරදිව අනන්‍යතාව පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව පවතී.
එම කරුණු සැලකිල්ලට ගෙන වාහන අංක තහඩු නිකුත් කිරීමේදි පළාත් අක්ෂර ඉවත් කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.