පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රකාශයට පත්කර ඇති හෙයින් මැතිවරණ නිතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රි රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන් පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි සලකුණු ඡායාරූප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබි ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තරග කරන අපේක්ෂකා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් වාහනවල පෙර සඳහන් ආකාරයේ ප්‍රදර්ශනය කිරීම් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 74 වැනි වගන්තිය යටතේ වරදක් බවත් ඒ අනුව පෞද්ගලික බස් රථ, ත්‍රි රෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල ස්ටිකර් අලවා ඇත්නම් වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මෙසේ ස්ටිකර් ගලවා ඉවත් කිරීම සදහා සෑම පොලිස් බල ප්‍ර දේශයක්ම ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂා කිරීම් සිදු කිරීමට ඒ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත හා කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් වෙතද ඒ මගින් පොලිස් ස්ථානාධිපතිවරුන්ටද අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.