ශ්‍රී ලන්කන් ගුවන් නායනයක් චීනයේ හුබෙයි පළාතේ වූහන් ගුවන්තොටුපළට ගොඩබැස්සවීම සඳහා ශ්‍රී ලංකාව අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
හුබෙයි පළාතේ සිටින ශ්‍රී ලංකා සිසුන් 32 හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් ජනපති ගේඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව චීනයේ පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම අයදුම්පත ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ ගුවන්යානය ගොඩබෑමට අවසර ලබා ගත් වහාම ඒවාට අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා තානාපති කාර්යාලය චීන විදේශ අමාත්‍යංශය සහ වුහාන් පළාතේ විදේශ කටයුතු කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන බවයි.
වර්තමානයේ චීනයේ සිටින අනෙකුත් සියලුම ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය, තානාපති කාර්යාලය සහ කොන්සියුලර් ජනරාල්වරු ශ්‍රී ලංකා ගුවන් සේවය සමඟ කටයුතු කරමින් සිටින බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
චීනයේ මේ වන විට ශ්‍රී ලංකාවේ සිසුන් 860 ක් පමණ චීනයේ රැඳී සිටින බවට ගණන් බලා තිබේ. මේ අතර, බීජිං තානාපති කාර්යාලය, ගුවැන්ෂු සහ ෂැංහයි හි කොන්සියුලර් ජෙනරාල්වරු වුහාන් සහ චීනයේ අනෙකුත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකික සිසුන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වමින් කිසිදු ආසාදනයක් වැළැක්වීම සඳහා ගත යුතු පූර්වාරක්ෂාව පිළිබඳ තොරතුරු සපයන බවත් එම අමාත්‍යාංහය පවසයි.
කොරොනා වෛරසය ආසාදනය වූ කිසිදු ශ්‍රී ලාංකිකයෙක් පිළිබඳව චීනයෙන් මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැත.