දිවයිනට බලපා ඇති වැසි හා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යම හා සබරගමුව පළාත්වලත්, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.
ඇතැමි ස්ථානවලට මිලි මීටර් 75 ඉක්මවූ වැසි හා පැයට කිලෝමීටර් 60 දක්වා වන තද සුළංද ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි..