හෙට (20දා) දින සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී වැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව පළාතෙත්, කළුතර හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසු ස්තාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
බදුල්ල, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.