ශ්රී ලංකා තුළ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය හෙට (08) සිට සැප්තැම්බර් 07 වනදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අයකරන බවය.