පිළිකා කාරක අඩංගු බවට සැක සහිත පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරයේ පොල් තෙල් නිශ්පාදනය කරන ස්ථානයක සගවා තිබියදි 30 අලුයම අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවුසර් දෙක තුල ලිවර් 55000 කට ආසන්න ප්රමානයක් තිබු බව පොලිසිය කියයි.
අදාල බවුසර් දෙක පසුගිය 25 දින සිට මෙම කර්මාන්ත ශාලාවේ පිටුපස ස්ථානයක සගවා තිබු බවද කියයි.
මහත් ආන්දොලනයකට ලක්ව ඇති පිළිකා කාරක අඩංගුව විෂ පොල් තෙල් සම්බන්ධව නැගෙන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ අතර තුරදී මෙම පොල් තෙල් නිශ්පාදනාගාරයේ මෙසේ සගවා තිබු පොල් තෙල් තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එදිරිසිංහ එඩිබල් ඔයිල් ප්රයිවට් ලිමිටඩ් නැමති පොල් තෙල් නිශ්පාදනය කරන දංකොටුව පිහිටි කර්මාන්ත ශාලාවේ මෙම බවුසර් සගවා තිබු බවද කියයි.
පොලිසිය පවසන්නේ මෙම සැක සහිත පොල් තෙල් තොගය පිළිබදව පාරිභෝගික අධිකාරිය හා ශ්රී ලංකා රේගුවට දන්වා ඇති බවත් අදාල කණ්ඩායම් පැමිනිමත් සමග ඉතිරි පරික්ෂණ පවත්වන බවයි.
එක් බවුසරයක ලිටර් 27500 බැගින් ඇති බවත් ඒ අනුව බවුසර් දෙක තුල ලිටර් 55000 තිබෙන බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි තිබේ.