කාත්තාන්කුඩ් පොලිස් වසමේ නව කාත්තන්කුඩ්හි ඉදිවෙමින් පවතින මුහයිදින් ජූම් ආ මස්ජිදයේ ගොඩනැගිල්ලේ විසා නොමතිව ලැගුම් ගෙන සිටි ඉන්දියානු ජාතිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති කස්තුරි ආරච්චි මහතා පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මාස් කීපයක් විසා නොමැතිව මෙසේ රැදී සිටි බවට පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මඩකලපුව මහේස්ත්රාත් මහාධිකරණයට ඉදිරිපත් කල බව පොලීසිය පැවසිය.
කාත්තාන්කුඩි පොලීසිය වැඩිදුර පරික්ෂණය පවත්වයි.