කොවිඩ් වසංගතය පැතිරිම වලක්වාලීම සඳහා ඉතාලියේ ප්‍රාන්ත අතර තහනම් කර තිබු නිදහස් ගමනාගමනය ජුනි මස (3 ) දා සිට නැවත විවෘත කිරිමට පියවර ගන්නා බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාස 3ක කාලයක් ඉතාලියේ ප්‍රාන්ත 20 ක් අතර නිදහස් ගමනාගමනය තහනම් කර තිබු අතර අත්‍යාවශ්‍ය සේවා සඳහ පමණක් ප්‍රාන්ත අතර ගමනාගමනයට අවසර ලබා දි තිබුණි.
ඊයේ (29) දිනයේදි ඉතාලියෙ කොවිඩ් නව ආසාදිතයන් 516 ක් මරණ 87 ක් වාර්තා වි තිබේ.
ඊයේ (29) දිනය වනවිට ඉතාලියේ සමස්ත ආසාදිතයන් 232,248 මරණ 33,229 වාර්තා වි තිබු බවත් සුව වු රෝගින්ගේ සංඛ්‍යාව 152,844 දක්වා වර්ධනය වන විට සක්‍රීය රෝගින්ගේ සංඛ්‍යාව 46,175 දක්වා අඩු වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා සිට