කොවිඩ් 19 වෛසරය අසාදනය වු නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු හමුවිමත් සමග එම සෙබලුන් දෙදෙනා නාවලපිටිය නගරයේ වෙළදසැල් කිහිපයකට පැමිණි ඇති නිසා ඊයේ (29) දින සිට ලබන මස 4 දින දක්වා වසා දමා ඇති නාවලපිටිය නගරය විෂබිජහරණයට ලක්කිරිම අද (30) දින සිදු කරනු ලැබුහ.
ශ්රි ලංකා පොලීසියේ කැරලි මර්දන එකකයේ ජල බවුසරයක ආධාරයෙන් නාවලපිටිය නගර සභාව සහ නාවලපිටිය පොලීසිය එක්ව නගරයේ සියලුම වෙළදසැල් , ප්රධාන මාර්ග , මහජනතාව ගැවසෙන ස්ථාන විෂබිජහරණයට ලක් කෙරිණ.
විෂබිජහරණය සිදු කිරිම අධික්ෂණය කිරිම සදහා මහනුවර දිස්ත්රික් හිටපු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහභාගි විය.