හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන තාවකාලිකව වසා දමා තිබු නොර්වුඩ් දමිල මහා විද්‍යාලය අද දින යලිත් විවෘත කරනු ලැබුහ.
එම පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කල ගුරුවරියකට සහ එම පාසලේ 9 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකුට සහ සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි එම පාසල ඉකුත් 07 දින සිට තාවකාලිකව වසා දැමිමට හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් මහතා කටයුතු කලහ.
සෞඛ්‍ය අංශ උපදෙස් අනුව එම පාසල සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිමෙන් පසු යලිත් අද දින සිට අධ්‍යාපන කටයුතු සදහා විවෘත කලද , (21) දින පාසලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණු බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
එම පාසලේ සිසු සිසුවියන් 1500 කට ආසන්න පිරිසක් සහ අචාර්ය මණ්ඩලයේ 72 දෙනෙකුගෙන් සමන්විත වෙයි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරියගේ පවුලේ සමාජිකයන් සහ ඇගේ සමිපතයින් සහ පාසල් සිසු සිසුවියන් දෙදෙනාගේ ළගම ආශ්‍රිතයින් විශාල පිරිසක් තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කලහ.