කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුව සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම් නියම කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කොට ඇති අභියාචන පෙත්සම් යළි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21දා) තීරණය කළේය.
මෙම පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයකු වු ප්‍රසන්න ජයවර්ධන මහතා එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අභාවප්‍රාප්ත වීම නිසා නව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ඒ අනුව සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරේරාජා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් යළි විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුව සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම් නියම කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කොට තිබු අභියාචන පෙත්සම් විභාගය මීට පෙර අවස්ථාවකදී අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයකු වු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.
ඒ අනුව අදාළ පෙත්සම් ලබන ඔක්තෝම්බර් 26, 27 සහ නොවැම්බර් 02 වැනි දිනවල යළි මුල සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ල තීරණය කළේය.