කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුව සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම් නියම කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කොට ඇති අභියාචන පෙත්සම් යළි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය.
මෙම පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයකු වු ප්‍රසන්න ජයවර්ධන මහතා එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අභාවප්‍රාප්ත වීම නිසා නව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ඒ අනුව සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරේරාජා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් යළි විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුව සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඩුවම් නියම කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කොට තිබු අභියාචන පෙත්සම් විභාගය මීට පෙර අවස්ථාවකදී අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයකු වු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.
ඒ අනුව අදාළ පෙත්සම් ලබන ඔක්තෝම්බර් 26, 27 සහ නොවැම්බර් 02 වැනි දිනවල යළි මුල සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ල තීරණය කළේය.
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ඒ සඳහා අධාර අනුබල දීම සහ සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහුගේ පුතා වන රවිඳු වාස් ගුණවර්ධන, පොලිස් නිලධාරීන් වන ගාමිණි සනත්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව සහ ඉන්දික බමුණුසිංහ නමැති පොලිස් නිලධාරීන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පැවැති නඩු විභාගයකදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව තීරණය කිරීමෙන් අනතුරුව ඔවුන්ට මරණ දඩුවම නියම කෙරිණි.
එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ලලිත් ජයසුරිය, අමෙන්ද්‍ර සෙනෙවිරත්න සහ කුසලා සරෝජනී වීරරත්න මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනසුරු මඩුල්ල විසින් 2015 නොවැම්බර් 27 වැනිදා විත්තිකරුවන්ට මරණ දඩුවම නියම කෙරිණි.
ඉන් අනතුරුව ඔවුන් ත්රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණයට එරෙහිව නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුචෝ අභියාචනයක් ඉදිරිපත් කළහ.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනුජ පේ‍්‍රමරත්න, අනිල් සිල්වා සහ නීතිඥ දර්ශන කුරුප්පු යන මහත්වරුන් පෙනී සිටියහ.