දිවයින පුරා තවමත් වැසි අඩු කාලගුණයක් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇතිවන බවයි.
සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.