ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට මැර ප්‍රහාරයක් එල්ල කරමින් අද වර්තමාන ආණ්ඩුව 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
ද්විත්ව පුරවැසිභාවය එලෙසම තබා ගැනිමට පාර්ලිමේන්තුවට පිවිසිම අරමුණු කොට ගෙන බැසිල් රාජපක්ෂ මහතාගේ අත්‍යවශ්‍යතාවය ඉටු කර ගැනිමට මෙම ව්‍යවස්ථාව අද ඉදිරියට ගෙනවිත් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
කිරිඳිවැල මිල්ලතේ 'සිරිසඳ භවනේ' මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා එසේ කිය.
තවදුරටත් අදහස් දැක්වු හර්ෂණ රාජකරුණා මහතා,
එකම පවුලේ සමාජිකයෙකුගේ අවශ්‍යතාවය, අපේක්ෂාව නිසා මුලු දිවයිනටම බලපාන මෙම ව්‍යවස්ථාව වෙනස් කිරිමට කටයුතු කිරීමෙන් මෙම රජය කරමින් යන්නේ බරපතල වරදක් බවත්, ලෝකයේ නන් දෙසින් මෙයට විරෝධය පලවු විට ඇතිවන ගැටලු නොදන්නා නිසා ජනතාව මෙම ව්‍යවස්ථා වෙනසට සහය දුන්නා හැර ඊට ප්‍රථම සංශෝධනයෙන් පසු එක්කරන කරුණු කුමක්ද යන්න ජනතාව දැන සිටියා නම් මෙම ප්‍රතිළුලය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබු බවද ඒ මහතා කීය.
මෙම ව්‍යවස්ථාව තුලින් ස්වාධින කොමිසන් සභාවල තිබු බලතල ජනාධිපති යටතට පවරා ගැනීම තුලින් අනාගතයේදි ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලිස් සේවාවක් ඇතුළු රාජ්‍ය සේවාවන්හි ස්වාධිනත්වයට කුමකින් කුමක් වේදැයි දැන්වත් ජනතාව අවබෝධ කරගත යුතුයයිද කීය.
19වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකමුතුව සිදුකල බවත් නමුත් මෙම අවස්ථාවේ 20 වන සංශෝධනයට සමගි ජනබලවේගයේ සිටින අපි මෙම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව විරෝධය පලකරන බවද කිය.
කිරිදිවැල - උපාලි රණවිර