දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කල නිවේදනයක දැක්වෙයි.
නැගෙනහිර,ඌව, උතුරු මැද, මධ්‍යම හා උතුරු පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.