පවතින ප්‍රහල අකුණු සමග වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, බස්නාහිර හා වයඹ පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 පමණ තද වර්ෂාපතනයක්ද උතුරු මැද පළාතෙත් වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.