පැවති වැසි හා තද සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් අද දිනයේද සබරගමුව, දකුණු හ බස්නාහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඌව හා මධ්‍යම පළාත්වලත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.