දින දහයක් පුරා දිස්ත්‍රික්ක 14ක බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 1163කට හානි සිදුව තිබේ. මීට අමතරව පොදු යටිතල පහසුකම් සපයන ස්ථාන 213කට හානි සිදුව තිබෙන අතර, හානියට පත් නිවාස ප්‍රමාණය 2075ක් වී ඇත.
දිස්ත්‍රික්කයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථානවලට හා නිවාසවලට වැඩිම හානිය සිදුව තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයේ ස්ථාන 241කට හානි සිදුව තිබේ. මෙහිදී නිවාස 628කට හානි සිදුව ඇත.