රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම ව්‍යවස්ථා කෙටුම්පත තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට සඳහන් කරමින් තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා ඉදිරිපත් කර ඇති පෙත්සමේ වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.