වසවිසෙන් තොර ආහාර ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කළද එම ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පයින් ගැසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
අයවැය කාරක සභා විවාදයට එක්වෙම්න් අද (27) පාර්ලිමේන්තුවේදී රතන හිමියෝ මේ බව පැවසුහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමියෝ,
අද අපේ ජනතාවගෙන් බෙහෝමයක් බෙහෙත් පාවිච්චි කරනවා. නාගරික මධ්‍යම පන්තිය අද වැඩි වශයෙන් රෝගවලට ප්රාත්රෙවලා තිබෙනවා.
ඉස්සර ගම්වල දියවැඩියා රෝගීන් හිටියේ නැහැ. නමුත් අද ගොවියන්ට පවා දියවැඩියාව හැදෙනවා. මෙයට හේතුව ලෙස හොයාගෙන තිබෙන්නේ රසායනික ආහාර නිෂ්පාදන සමාගම් ආහාර කල් තබාගැනීම, නිමි ආහාර සැකසිම හා පරිභෝජනය ආදිය සිදුවන නිසා මේ දේවල් වැඩියි.
මේ නිසාම ලංකාවේ රෝගින් වැඩිවෙලා තිබෙනවා. ලංකාවේ සෑම පැය 14 ට වරක්ම පිළිකා රෝගියෙක් මිය යනවා. ඒ වගේම සෑම පැය 08 වරක් දියවැඩියා රෝගියෙක් මිය යනවා. මෙය ඉතාම භයානක නරක තත්ත්වයක්.