චන්ද්‍ර පාෂාණ නැවත පෘථිවිය වෙත රැගෙන ඒම සඳහා මේ සතියේ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් සඳ වෙත දියත් කිරීමට චීනය සැලසුම් කර තිබේ.
1970 දශකයෙන් පසුව සඳෙන් පස් සාම්පල ලබා ගැනීමට ඕනෑම ජාතියක් දක්වන පළමු වැනි උත්සාහය මෙයයි.
පුරාණ චීන චන්ද්‍රයාගේ දේවතාවියගේ නමින් නම් කරන ලද චැං -5 පරීක්ෂණ යානය, විසින් මෙසේ රැස්කරන පාෂාණ මගින් චන්ද්‍රයාගේ මූලාරම්භය හා ගොඩනැගීම පිළිබඳව විද්‍යාඥයන්ට වැඩි අවබෝධයක් ලබාගැනීමට ඉවහල් වනු ඇති බව කියයි.
වඩාත් සංකීර්ණ මෙහෙයුම්වලට පෙර අභ්‍යවකාශයෙන් සාම්පල දුරස්ථව ලබාගැනීමට චීනයට ඇති හැකියාව මෙම මෙහෙයුම මගින් පරීක්ෂාවට ලක්කෙරෙනු ඇත.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් දශක ගණනාවකට පෙර එක්සත් ජනපදය හා සෝවියට් සමූහාණ්ඩුව අනුගමනය කරමින් චන්ද්‍ර සාම්පල ලබාගත් තුන් වැනි රට බවට චීනය පත් වනු ඇත.
1959 දී සෝවියට් සමූහාණ්ඩුව ලූනා 2 යානය සඳ මතට ගොඩබැසීම හෙවත්, තවත් ආකාශ වස්තුවකට ළඟා වූ පළමු මිනිස් නිෂ්පාදිත වස්තුව බවට පත්වීමෙන් පසුව ජපානය සහ ඉන්දියාව ඇතුළු තවත් රටවල් අතලොස්සක් සඳ මෙහෙයුම් දියත් කර තිබේ.
1969 සිට 1972 දක්වා ඇපලෝ මෙහෙයුම් හරහා එක්සත් ජනපදය විසින් සඳෙන් පාෂාණ හා පස් කිලෝග්‍රෑම් 382ක් (රාත්තල් 842) ආපසු ගෙන එනු ලැබීය. සෝවියට් සංගමය 1970 දශකයේ සාර්ථක රොබෝ නියැදි ආපසු රැගෙන ඒමේ මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක කළේය.