අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා තලාව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු මේ මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම වැඩ බලන මහේස්ත්රාත් පුෂ්පානී වික්රමරත්න මහත්මිය නියෝග කළාය.
ජනාධිපතිවරණය පැවති 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කල ප්රබල එක්සත් ජාතික පක්ෂ ක්රියාකාරිකයෙකු වන වර්තමාන අනුරාධපුර ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට යුදහමුදාව භාවිතා කරන විදේශීය අත්බෝම්බයකින් පහරදී දේපළ රැසකට බරපතළ අනර්ථයක් සිදුකිරිමේ සිද්ධියට වසර විස්සකට පසුව තඹුත්තේගම මූලස්ථාන පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා තලාව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු මේ මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම වැඩ බලන මහේස්ත්රාත් පුෂ්පානී වික්රමරත්න මහත්මිය නියෝග කළාය.
එප්පාවල - තිසර සමල්