2021 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථා පිළිබඳ විවාදය අද (12) පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වීමට නියමිත අතර විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති බවට සඳහන් වෙයි.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 2678ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.