මෙරට වසරකට දළ වශයෙන් දැරියන් 50 දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බවට හදුනාගෙන ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
ලංකාවේ වසරකට ළමා අපයෝජන 10000ක් පමණ දිස්ත්‍රික්ක 25න් ජාතික ළමාරක්ෂක අධිකාරියට වාර්තා වන බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මේ අතුරින් මොණරාගල, පොළොන්නරුව අනුරාධුපර වැනි දිස්ත්‍රික්කවලින් ළමා අපයෝජන සිද්ධින් විශාල වශයෙන් වාර්තාවන බව ද ඔහු පෙන්වා දෙයි.
ළමා අපයෝජන හා හිංසන නිසාවෙන් වසරකට මොණරාගල දිස්ත්‍රික්කය තුළ ළමුන් 500 දෙනෙකු පමණ පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ වසරකට ළමුන් 10 දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බව ඒ මහතා පවසයි.