ශ්‍රී ලංකාවෙන් දිනකට පියයුරු පිළිකා රෝගීන් 9-10ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත් වසරකට වාර්තා වන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 3000ත් 3500ත් අතර වන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ලෝකයේ කාන්තාවන් අතර බහුලවම පවිතන පිළිකාව වන්නේද පියයුරු පිළිකාවයි. ශ්‍රී ලංකාවේ බහුලම පිළිකාව වන්නේද පියයුරු පිළිකාව බව එම කාර්යාංශය පවසයි.
පියයුරු පිළිකාව වැළදෙන කාන්තාවන්ගෙන් බහුතරයක් අවුරුදු 50 හෝ ඊට ආසන්න වයසේ පසුවන අය බවත් එම කාර්යාංශය වැඩිදුරටත් පවසයි.