ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් විසා බලපත්ර නොමැතිව මෙරට රැඳිසිටි ස්විස්ටර්ලන්ත ජාතික මවක් හා පුතෙකු අත්අඩංගුවට ගත්බව හික්කඩුව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවගේ වයස අවුරුදු 61ක් වන අතර පුතුගේ වයස අවුරුදු 42කි.
මෙකි මව හා පුතු 2017 වර්ෂයේ සිට මෙරට රැඳිසිට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. 2017 වර්ෂයේ දි මොවුන් දෙපළගේ විසා බලපත්රයේ කාලය අවසන් වි ඇත. මව හා පුතු වසර තුනක පමණ කාලයක් විසාබලපත්ර නොමැතිව මෙරට රැඳිසිටි ඇති බව පොලීසිය පවසයි.
මෙකි මව හා පුතු හික්කඩුව තිරාණගම ප්රදේශයේ කුලි නිවසක සිටියදි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
විසා නොමැතිව මෙරට රැඳිසිටින විදේශිකයින් අත්අඩංගුවට ගැනිම සදහා විශේෂ මෙහෙයුමක් ඊයේ (05) රාත්රි ක්රියාත්මක විය. මව හා පුතු අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.