අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයට ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක මහතා හා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගබණ්ඩාර මහතා අවසන් තීරණයකට පැමිණ නොමැත.
මේ සම්බන්ධයෙන් බී.බී.සී. සිංහල පුවත් සේවයට අදහස් දක්වා ඇති රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසා ඇත්තේ තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
එසේම එම පුවත් සේවයට අදහස් දක්වා ඇති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසා ඇත්තේ හෙට (03දා) තීරණයක් ගන්නා බවයි.
එසේම තමා ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී ලැබුණ පිළිතුරු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පැවැසූ බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.