වසරක දේශපාලන කැලඹීමකින් පසුව, සිය ප්රජාතන්ත්රවාදය ස්ථාවර කිරීමේ යතුරක් ලෙස බොලීවියානු ජනතාවට මැතිවරණයට යාමට එලැඹෙන සැප්තැම්බරයේදී අවස්ථාව හිමිව තිබුණද, එරට තුළ නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ වැඩිවීම නිසා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වැඩි සැකයක් ඉපදී තිබේ.
බොලීවියානු පොලීසිය පවසන්නේ ගෙවීගිය දින පහක කාලය තුළ එරට ලා පාස් අගනුවර සහ විශාලතම නගරය වන සැන්ටා කෘස් හි වීදිවල, වාහන තුළ මෙන්ම නිවාසවල තිබී මියගිය පුද්ගලයන්ගේ සිරුරු 420ක් සොයාගත් බවයි. එම මරණවලින් 90%ක්ම කොවිඩ්-19 වෛරසය වැලඳීමෙන් සිදුව ඇති මරණ බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
බොලීවියාවේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 62,357ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,273කි. නමුත් මෙම අගයන් මීට වඩා බොහෝ සෙයින් වැඩි බව විශ්වාස කෙරෙයි.