උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ආණ්ඩු පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවමින් ස්වාභාවික විපත් හෝ කොරෝනා වෛරසය වැනි වසංගත පැතිරීම එරට ආර්ථිකයට හානි කිරීම වැළැක්වීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ප්යොංයැංහි පැවති රැස්වීමේදී ආර්ථික සැලසුම් න්‍යාය පත්‍රය තුළ සිට උතුරු කොරියානු නායකයා සිය අදහස් දැක්වීම් සිදුකර ඇත.
කොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්බාධක සහ ස්වයං දේශසීමා අගුලු දැමීම් සහ සංචරණ අගුලු දැමීම් හේතුවෙන් රටේ ආර්ථිකය බිඳ වැටී ඇත. කාලානුරූපීව ඇද හැලෙන අධික වර්ෂාව සහ සුළි කුණාටු හේතුවෙන් ආහාර සැපයුම්වලට සිදුවන හානිය පිළිබඳව තවදුරටත් කනස්සල්ලට පත්ව තිබේ.
ඒ අනුව අසාමාන්‍ය දේශගුණය මඟහරවා ගැනීම සඳහා දැඩි පියවර ගැනීමේ අවශ්‍යතාවද කිම් අවධාරණය කර ඇත්තේ, මෑත වසරවල අවදානම වැඩි වී ඇති බව පෙන්වා දෙමිනි. ගංගාවන් ආරක්ෂා කරගැනීම්, ඉවුරු ඛාදනය පාලනය කිරීම, වන වගාවන් ඇති කිරීම, වේලි නඩත්තු කිරීම ආදිය ගැන ඔහු උපදෙස් දී ඇත.