ලබන වසරේ මුල් භාගය වනවිට කොවිඩ්-19 එන්නතක් අනුමත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර, 2021 ගිම්හානය වනවිට එක්සත් ජනපදය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඔහු විශ්වාස කළද, නව කොරෝනා වසංගතයේ අවසානය 2022 වන තෙක් නොපෙනෙන බව මයික්‍රොසොෆ්ට් හි නිර්මාතෘ සහ බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනමේ සම සභාපති බිල් ගේට්ස් පවසයි.
"වසංගතයේ අවසානය බොහෝ විට 2022 විය හැකියි. නමුත් 2021 දී සංඛ්‍යා, ගෝලීය ප්‍රවේශය ගතහොත් ඒවා පහළ යෑමක් සිදුවේවි. හොඳ එන්නත තාක්ෂණයට ස්තූතිවන්ත වෙන්න, අරමුදල් ලැබුණා. සමාගම් ඔවුන්ගේ හොඳම පුද්ගලයින් ඒ සඳහා යොදවා ගත්තා. ඒ නිසා මම මෙය සුභවාදීව විශ්වාස කරනවා." ගේට්ස් පැවසීය.
කෙසේ වෙතත් වසංගතය සඳහා එක්සත් ජනපදය සිය ප්‍රවේශය හසුරුවා ඇති ආකාරය ගැන ගේට්ස් සිය අප්‍රසාදය පළ කළේය.
"අවාසනාවකට මෙන්, අපි ඉතා දුර්වල විදියට මෙය හැසිරවූවා. ඔබ දකුණු කොරියාව සහ ඔස්ට්‍රේලියාව වැනි ආසියානු රටවල් සංසන්දනය කළහොත් එය සංඛ්‍යාත්මකව දැකිය හැකියි." ගේට්ස් පැවසීය.
මීට අමතරව, වසංගතයේ ආරම්භයේදීම පරීක්ෂා කිරීම් හැසිරවූ ආකාරය සම්බන්ධයෙන්ද ගේට්ස් සිය අප්‍රසාදය පළ කළ අතර, එක්සත් ජනපදය තුළ වෛරසය පැතිරීම සඳහා එය විශාල ලෙස හේතු වූ බව සඳහන් කළේය.