නිදහස් වෙළෙඳ පොළ ප්‍රතිපත්ති මගින් මානව වර්ගයාගේ අතිශය වැදගත් අවශ්‍යතා සියල්ලම විසඳිය නොහැකි බවත්, වසංගතය හමුවේ ධනවාදය අසාර්ථක බව ඔප්පු කර ඇති බවත් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් පවසයි.
පිටු 70කින් යුතු විශේෂ ප්‍රකාශයක් මගින් වසංගතය හමුවේ ලෝකය පිළිබඳ සිය දැක්ම ගෙනහැර දක්වමින් පාප් තුමන් මෙම අදහස් දක්වා තිබේ.
"නව ලිබරල්වාදයේ මූලධර්මය විශ්වාස කරන ලෙස අපෙන් කොතරම් ඉල්ලා සිටියත්, නිදහස් වෙළෙඳ පොළට සෑම ගැටලුවක්ම විසඳිය නොහැකියි" පාප්තුමා ලිවීය.
ධනවාදයේ නිදහස් වෙළෙඳ පොළ සමාජීය ගැටලුවලට ඇති එකම විසඳුම ලෙස යන ඉන්ද්‍රජාලික න්‍යායන් අනුගමනය කිරීමෙන් පළක් නොවන බවද හෙතෙම අවධාරණය කරයි.
සමාජ ව්‍යුහයට තර්ජනයක් වූ හා නව ආකාරයේ ප්‍රචණ්ඩත්වයට තුඩුදී ඇති සමාජ අසමානතා විසඳීමට මෙමගින් හැකියාවක් නොලැබෙන බවද පාප්තුමා වැඩිදුරටත් පවසයි.