වෙනිසියුලාවට කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීනයෙන් ගුවන් යානයක් පුරවා වෛද්‍ය සැපයුම් තොග නවයක් ලබාදී තිබේ.
වෙනිසියුලාවේ චීන තානාපති ලී බාරොන්ග් පැවසුවේ මෙම භාණ්ඩ තොගයට වේගවත් කොවිඩ්-19 පරීක්ෂණ සිදුකළ හැකි ඇන්ටිජෙන් කට්ටල, ඔක්සිජන් ලබාදීමේ උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ අඩංගු බවයි.
එරට අගනුවර කැරකස් හි සයිමන් බොලිවර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලී අවධාරණය කළේ, වසංගතය පැතිරෙමින් පවතින තත්ත්වයක, ලෝක ආර්ථික අවපාතය ගැඹුරු වන අවස්ථාවක ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කමයි.
වෙනිසියුලානු උප සභාපති ඩෙල්සි රොඩ්රිගස් චීනයේ සහයෝගීතාවයට ස්තූතිය පුද කළේය.
"චීනයට සහ එහි සහයෝගීතාවයට ස්තූතිවන්ත වන අතර මානව වර්ගයා අත්විඳ ඇති බරපතලම වසංගතයකට මුහුණ දීමට මේ හරහා අපට හැකි වී තිබෙනවා" රොඩ්රිගුස් පැවසීය.
වෙනිසියුලාවේ කොවිඩ්-19 ආසාදිතයන් 110,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මේ වන විට මරණ 990කට වඩා සිදුව තිබේ.