කොවිඩ්-19 වසංගතයෙන් පසුව ඇමෙරිකානුවන් මිලියන 43කට ආසන්න සංඛ්‍යාවක් මූලික විරැකියා ප්රතිලාභ සඳහා අයදුම් කර තිබියදී, එරට ප්රකෝටිපතියන්ගේ ආදායම් මෙම කාල වකවානුවෙන්දී ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි.
එනම් ගෙවීගිය මාස තුන බොහෝ ඇමෙරිකානුවන්ට මූල්‍යමය වශයෙන් අතිශය වේදනාකාරී තත්ත්වයක් උදාවී තිබුණද, ප්රකෝටිපතියන් සඳහා එය අදාළ නොවේ.
එරට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව එක්සත් ජනපද ප්රකෝටිපතියන් මාර්තු 18 සිට ඇ.ඩො.බිලියන 565ක අමතර ධනයක් උපයාගෙන තිබේ.
ඒ අනුව ඇමෙරිකානු කෝටිපතියන්ගේ මුළු ධනය දැන් ඇ.ඩො.ට්‍රිලියන 3.5ක් වන අතර එය වසංගතයේ ආරම්භය ආසන්නයේ පහළම ස්ථානයට වඩා 19%කින් ඉහළ ගොස් ඇති බව වාර්තාව පවසයි. එමිදී ඇමේසන් ප්‍රධානියා වන ජෙෆ් බෙසොස්ගේ ආදායම් මාර්තු 18දාට වඩා ඇ.ඩො.බිලියන 36.2ක් වැඩි වී ඇත.
එහිදී ෆේස්බුක් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ගේ ආදායම ඇ.ඩො.බිලියන 30.1කින් ඉහළ ගොස් ඇති අතර, තවත් තාක්ෂණික ක්ෂේත්රයේ සමාගම් වන ටෙස්ලා ප්‍රධානී එලොන් මස්ක්, ගූගල් ආදිකර්තෘවරුන් වන සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් යන අයගේ ආදායමද, හිටපු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක ස්ටීව් බෝල්මර්ගේ ආදායමද මාර්තු 18දා සිට ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් මේ තත්ත්වය මෙසේ තිබියදී ඇමෙරිකානුවන් මිලියන 43කට ආසන්න සංඛ්‍යාවක් මූලික විරැකියා ප්රතිලාභ සඳහා ඉල්ලුම් කර තිබීම කැපී පෙනෙන තත්ත්වයකි. අඩු ආදායම්ලාභී සේවකයන්ට, විශේෂයෙන් සංචාරක හා සේවා අංශයේ රැකියා සඳහා මෙම වසංගතයෙන් දැඩි පීඩාවක් එල්ල වී තිබේ.
කොවිඩ්-19 වසංගතය සමග ඇමෙරිකාවේ සාමාන්‍ය රැකියාවල නිරතවූවන් දිගු පෝලීම්වල සහනාධාර ලබාගැනීමට පෝලිම් ගැසී සිටියේ ඔවුන් මෙතෙක් නොවිඳි අත්දැකීමක් ලෙසිනි. එසේම ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමග ඇතිවී තිබෙන උද්ඝෝෂණ අතරතුර කඩ සාප්පු කොල්ලකෑමටද මෙම විරැකියා අර්බුදය හා බොහෝ දෙනෙකුට එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීමට මුදල් නොමැති වීම හේතු වී ඇත.
මේ සමසත් සිද්ධිය දෙස බැලීමේදී ඇමෙරිකාවේ ඇති නැති පරතරය කොවිඩ්-19 වසංගතය සමග වඩාත් දරුණු අතට හැරී ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.