ලෝකය මිහිතල දිනය සනිටුහන් කරන අවස්ථාවක, මෙම වසංගතය අවසන් වනවිට අලුතින් මිනිසා විසින් අත්පත් කරගත් එදිනෙදා පුරුදු තවදුරටත් රඳවා තබා ගැනීමේ වටිනාකම සිහිපත් කිරීම අතිශය වැදගත්ය.
විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය දේ තම ගෙවත්තෙන්ම සපයා ගැනීම හෝ දේශීයව මිලදී ගනිමින් සරල දිවි පෙවෙතකට යොමුවීම, අත්‍යවශ්‍ය නොවන (වැඩකට නැති) එදිනෙදා සංචරණයන් අඩු කිරීම සහ අඩුවෙන් පියාසර කිරීම වැනි අපගේ සමහර හැසිරීම් පරිසරයට අතිශය ප්‍රයෝජනයක් සපයා තිබේ.
විශේෂයෙන්ම ආහාර රටාවන්ගෙන් දැනටමත් සිදුව ඇති වෙනස්කම් මෙන්ම, එදිනෙදා කාර්යාල පරිසරයටම කොටුවූ මානසිකත්වයෙන් මිදී පවුලේ අය සමග ගත කිරීමත්, ගෙවතු වගාව හා ක්‍රීඩාවන් වැනි සරල විනෝදාංශ වෙත යොමුවීමත් නිසා වෙනත් බෝනොවන රෝගාබාධවලට හසුවීමේ අවදානම අඩු වී ඇති අතරම, පවුලේ සමගියද වැඩිවී තිබේ.
ඒ අනුව මෙම පුරුදු සෑම එකක්ම පාහේ විශාල වියදමක් දැරීමට සිදු නොවන, පහසුවෙන් අපගේ එදිනෙදා පුරුදු අතර තවත් බොහෝ කාලයක් රඳවා තබා ගැනීමට වඩා පහසු ඒවාය.
එය අපට මෙන්ම, අනාගත පරපුරටත්, අප මිහිතලයටත් අනාගතයේදී සැනසුම් සුසුමක් හෙළීමට මෙම ව්‍යසනය තුළින්ම අප උගත් පාඩමක් වනු ඇත. ඒ අනුව එම අවස්ථාව උදාකර ගැනීමට ඉදිරියටත් කැපවීම සියලු දෙනාගේම වගකීමක්ද බව සිහිපත් කරමු.