අපි ඉන්නේ විසි එක්වන ශතවර්ෂයේ වන නිසා විභාග ක්‍රම වෙනස්වෙන්නට අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2020 වර්ෂය සදහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනීමේ ජාතික උත්සවය පැවැත්වු මාතලේ නුගගොල්ල ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදිය.
“ හැදෙන හෙට රටට එකම අපි අකුරට “ තේමාව යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ 2020 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනිමේ ජාතික මහෝත්සවය මාතලේ, විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමන්ගේ හා දේශපාලන නායකයන් අධ්‍යාපන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් අද (16) උදැසන සිදු කෙරිනි.
එහිදී පළමු ශ්‍රේණිය සදහා දරුවන් ඇතුලත් කර ගැනිම සංකේතවත් කරමින් නුගගොල්ල ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය සදහා දරුවන් දෙදෙනෙකු ඇතුලත් කර ගැනීම අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යතුමන්,
“ අපි ධර්ම ප්‍රදීපෙට ආවේ පාසලක තිබිය යුතු සුවිශේෂි ලකුණක් දැකීම නිසයි. මට කිව්වේ ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් දරුවො නෑ කියලයි. සියල්ල සමත් දරුවො කියලයි. මට අධ්‍යාපන ඇමතිවරයා හැටියට හා පියෙකු විදියට මට මේ පණිවිඩය රටට දෙන්න ඕන. ලෝකෙ පුරා බෙදීම් රාශියක් තියෙනවා. බෙදීමේ නරකම හා අසාධාරණතම බෙදීම තමයි දරුවන් සමතුන් අසමතුන් ලෙස බෙදීම. ලෝකෙ කිසිම දරුවෙක් අසමත් නෑ. ලංකාවේ වසරකට පාසලට ඇතුලත් වන කිසිම දරුවෙක් අසමත් නෑ. ඕනෑම දරුවෙක් යම් විෂයකට දක්ෂයි. ඒ විෂය දක්ෂතාවය හොයාගන්න අම්මා, පාසල, ගුරුවරයා, විදුහල්පති, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පාලකයෝ අදක්ෂ වෙලා තියෙනවා. මේ දරුවා කුමකටද දක්ෂ කියලා හොයාගන්න සමාජය රාජ්‍ය අදක්ෂ වෙලා තියෙනවා. මේක තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ කේන්ද්‍රීය අර්බුදය බවට පත් වෙලා තියෙන්නේ.
ලංකාවේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 330ක 373ක් ජාතික පාසැල් තියෙනවා. ලංකාවේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 124කට එකම ජාතික පාසලක්වත් නෑ. මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11ක් තියෙනවා. 11න් 06කට ජාතික පාසැල් නෑ. උතුර පළාත ගත්තාම මීට වඩා භායානකයි තත්ත්වය. අපි උතුරේ දරුවෝ අතට ආයුධ ගත්තේ ඇයි කියලා හොයනවා. ගන්නේ නැත්තේ ඇයිද කියලත් අපි හොයන්න ඕන ඒ තියෙන අධ්‍යාපනය කඩාවැටීම දිහා බලනකොට. ජාතික පාසැල් පිහිටුවන දර්ශකය මොකක්ද? පසුගිය කාලය පුරා අධ්‍යාපන ඇමති පත්වන දිස්ත්‍රික්කය පුරා ජාතික පාසැල් ඇති උනා. ඌවේ අධ්‍යාපන ඇමතිවරයෙක් ඇති වෙන කොට එක රැයින් ජාතික පාසල් 21ක් පසුගිය කාලයේ බිහි උනා. ඒකද මිම්ම, ඒකද වෙන්ඩ ඕන දෙය කියලා මම අහනවා?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මට කිව්වේ මේ ඉතිරි මාස 03 ඇතුලත ලංකාවේ එකම ජාතික පාසලක්වත් නැති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස124 ඇතුලත ජාතික පාසැල් 124 පිහිටුවන්න කියලා තමයි මට දීපු මඟ පෙන්වීම.
ඒ අනුව විල්ගමුවට ඇවිත් ආඩම්බරයෙන් මට කියන්න පුළුවන් ජාතික පාසල් නොමැති මාතලේ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශවල ජාතික පාසල් 06ක් ඉදිරි දින 100 ඇතුලත පිහිටුවීම සදහා අපි ආණ්ඩුවක් විදියට කටයුතු කරන බව සතුටින් ඔබ තමුන්නාන්සේලාට දැනුම් දෙනවා“ යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
මහියංගණ - රංජිත් කරුණාවිර