පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ උපදෙස් මත මේ මස පළමු වැනිදා සිට 08 වැනිදා දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම් 11කදී වරෙන්තුකරුවන් 9261 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාලය තුළදී රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 58,123ක් පවරා තිබෙන අතර, බීමත්ව රිය පැදවූ රියදුරන් 5504ක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 7013ක්, විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 7727ක් සහ බලපත්‍ර නොමැති තුවක්කු 38ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දමන ලද සහ බලපත්‍ර නොමැතිව අරක්කු මුදලට විකිණීමේ චෝදනාව මත පුද්ගලයන් 652 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සමස්තයක් ලෙස එම කාලය තුළදී පුද්ගලයන් 30195 ක් අත්අඩංගුවට ගෙන ඇත.
සිදු කළ මෙහෙයුම් එකොළහෙන් දෙකක් තුළ ක්ෂණික මාර්ග බාධක 3104ක් යොදා වාහන 5003ක් සෝදිසි කර තිබේ. මෙහිදී පුද්ගලයන් 100,715ක් පරීක්ෂාවට ලක් කළ බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.