මහා පරිමාණ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කිරීම සඳහා පිහිටවූ අධිකරණයේ පළමු නඩුව වූ ලිට්රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ නඩුව අද විභාගයට ගත්තේය.
මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය දරණ කාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සිවුදෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග වෙයි.
සැකකරුවන් අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට අධිචෝදනා භාරදුන් අතර විදෙස් ගමන් තහනම් කරමින් ඇප නියම කළේය.