ප්‍රතිජීවක ඖෂධ පෙති 35ක් පානය කළ වෛද්‍යවරියක් අද 25 දා ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .
ඇය ඊයේ ( 24) දා රාත්‍රි මෙම ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.
මෙම වෛද්‍යවරිය මාරවිල මූලික රෝහලේ සේවය කරන අතර එම රෝහලේම සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු තමන්ට නිතර බැණ වදින බව පවසා ඇතිවූ සිත් වේදනාවෙන් මෙලෙස ප්‍රතිජීවක ඖෂධ පානය කල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .