සියලු විශ්ව විද්‍යාල සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ හැකි නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ පවසති.
මින් පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙලක් සකස් කර තිබු බවත් එහි ඉලක්කය වුයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම නොව වසංගතයට මුවා වි සිසු ක්‍රියාකාරකම් අඩපණ කිරිම බවත් සැකසිය යුත්තේ නාමික සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් නොව පිළිලත හැකි සෞඛ්යාරත්ෂිත වැඩපිළිවෙලක් යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.
ඒම වැඩපිළිවෙල සකස් කිරිමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් විශ්ව විද්‍යාලයට ලබාදිමට පියවර ගත යුතු බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වෙත ලියුමක් යවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.