දිවයින පුරා විශ්වවිද්‍යාල සේවාවේ සිටින අනධ්‍යයන කාර්යය මණ්ඩල විසින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අද (12) දින වන විටත් සාර්ථකව ක්‍රියාත්මක බැව් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස් ප්‍රියන්ත සඳහන් කරයි.
මේ වනවිට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා එම සේවකයින් විසින් අද (12) තුන් වන දිනටත් වැඩවර්ජනය ක්‍රියාත්මක කරනු ලැබුනි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,
“විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය තුන්වන දිනටත් සියලු විශ්වවිද්‍යාල වල ක්‍රියාත්මක වනවා.
කිසිදු විශ්වවිද්‍යාලයකට මේ වනවිට දේශන කටයුතු සිදු වන්නේ නැහැ. විභාග කටයුතු සිදුවන්නේ නැහැ. පර්යේෂණ කටයුතු සිදුවන්නේ නැහැ. ඒ අනුව සියලු විශ්ව විද්‍යාල වල දෛනික ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නතර වෙලා තියෙනවා.
මේකට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ 2016 රාජ්‍ය අවැය තුළින් රාජ්‍ය සේවකයාගේ වැටුප් සංශෝධනයට ලක් කලා වසර පහකින් ක්‍රියාත්මක වන පරිදි. ඒ අනුව රාජ්‍ය සේවයට වෙනම චක්‍රලේඛයකුත් රාජ්‍ය සංස්ථා සහ ව්‍යාවස්ථාපිත මණ්ඩල සඳහා වෙනම චක්‍රලේඛයකුත් විශ්වවිද්‍යාල සේවය සඳහා වෙනම චක්‍රලේඛයකුත් නිකුත් කලා.
මේ චක්‍රලේඛ ත්‍රිත්වය අධ්‍යයනය කිරිමේන් 2015 ට සාපෙක්ෂව 2020 වනවිට රාජ්‍ය සේවයේ වැටුප සීයයට එකසිය හතයි දශම හතකින් වැඩි වෙලා තියෙනවා.
ඒ වගේම ව්‍යාවස්ථාපිත මණ්ඩල වල වැටුප 2015 ට සාපේක්ෂව 2020 සීයයට එකසිය හතයි දශම හතකින් වැඩි වෙලා තියෙනවා. නමුත් විශ්වවිද්‍යාල සේවයේ වැටුප 2015 ට සාපෙක්ෂව 2020 වන විට සීයයට අනූදෙකකින් පමණයි වැඩි වෙන්නේ.
මෙන්න මේ අනුව විශ්වවිද්‍යාල සේවයේ වැටුප් කප්පාදු කිරිමට ලක්කරලා තියෙනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕන 2015 වන විට රාජ්‍ය සේවයේ වැටුපට වඩා විශ්ව විද්‍යාල සේවයේ වැටුප සීයයට විස්සයි දශම හයකින් ඉහළින් තබලා තිබුනේ.
ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ රාජ්‍ය සේවයේ තිබෙන වරප්රසාදයන් විශ්වවිද්‍යාල සේවයට නැහැ. රාජ්‍ය සේවයට ලැබෙන විශාලම වැටුප විශ්වවිද්‍යාල සේවයට නැහැ. රාජ්‍ය සේවයට තියෙන දේපල ණය ක්‍රමය විශ්වවිද්‍යාල සේවයට නැහැ. රාජ්‍ය සේවයට තිබෙනා වූ රක්ෂණ ක්‍රමවේදය විශ්වවිද්‍යාල සේවයට නැහැ. මාරුවීම් ක්‍රමවේදය විශ්ව විද්‍යාල සේවයට නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.