ශ්‍රී ලංකාව තුළ සැලසුම් කරන ලද, වැසි ජලයයොදා ගැනීමෙන් සිදු කරනු ලබන විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ වඩමාරච්චි ප්‍රදේශයේ දී සිදුවිය.
යාපනය ජනතාව දීර්ඝකාලීනව මුහුණදී සිටින පානීය ජල ගැටලූවට ස්ථීර විසඳුමක් ලබාදෙමින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් බිලියන 02කි.
යාපනය දිස්ති‍්‍රක්කය දැඩි ජල නියඟයකින් පීඩා විඳින භුමි භාගයකි. මෙම ප්‍රදේශයේ එකදු ගංගාවක් හෝ නොමැති අතර කිසිදු මධ්‍යපරිමාණ හෝ මහාපරිමාණ ජලාශයක් ද පිහිටා නොමැත.
ඒ අනුව වර්ග කිලෝමීටර් 1012ක් විශාල මෙම ප්‍රදේශයට වාර්ෂිකව ලැබෙන මිලිමීටර් 1,250කට අධික වර්ෂා ජලය ගබඩා කිරීමට හැකියාවක් නොමැති අතර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා භූගත ජලය මත රඳා පැවතීමට සිදුව තිබේ.
වාර්ෂික වර්ෂාපතනයෙන් ලැබෙන වැසි ජලයෙන් කොටසක් පමණක් අර්ධද්වීපය තුළ පිහිටා ඇති වඩමාරච්චි, උප්පාරු සහ අලිමන්කඩ කලපු තුන තුළ රැදෙන අතර කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මහ මුහුදට ගලායන ජල ප්රමාණයඝන මීටර් මිලියන 39කි.
යාපනය අර්ධද්වීපයේ වාර්ෂික පානීය ජල අවශ්‍යතාවය ඝන මීටර් මිලියන 18.28ක් වන අතර එම ප්‍රමාණය ඉතා පහසුවෙන් ඉහත කී ජල ප්‍රමාණයෙන් සපුරා ගැනීමට හැකියාව තිබෙන අතර, එම මූලික සංකල්පය මත පදනම්ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කි‍්‍රයාවට නංවනු ලබන ව්‍යාපෘතිය වසර දෙකකින් අවසන් කිරීමට නියමිතය.
මෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය පී.හැරිසන්, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් යන මහත්වරුන් සහ පළාතේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින් රැසක් එක්ව සිටියහ.