මේ වසරේ මුල් මාස 09තුළ (ජනවාරි-සැප්තැම්බර්) වනවිට විශ්රාමිකයන් 614,287ක් වෙත රුපියල් මිලියන 150,348ක විශ්රාම වැටුප් ගෙවා ඇතැයි විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය.
මීට අමතරව විශ්රාමිකයන් 27,641ක් සඳහා රුපියල් මිලියන 19,013ක මුදලක් පාරිතෝෂික වශයෙන් ගෙවා වැය කර තිබෙන බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
දැනට සිවිල් විශ්රාමිකයන් 336,716ක්ද, වැන්දඹු විශ්රාමලාභීන් 181,812ක්ද, සන්නද්ධ සේවා විශ්රාමිකයන් 91,299ක්ද, පළාත් පාලන විශ්රාමිකයන් 4,460ක්ද විශ්රාම වැටුප් ප්රතිලාභ ලබන බවද ඒ මහතා ප්රකාශ කළේය.
රජය 2018 වසරේ විශ්රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 232ක ප්රතිපාදන වෙන් කර තිබෙන බවද හෙතෙම කීය.
2015-12-31ට පෙර විශ්රාම ගිය රාජ්ය නිලධාරීන් 348,000කගේ විශ්රාම වැටුප් විෂමතාව ඉවත් කර තිබෙන බවත්, ක්රියාන්විත රාජකාරියේදී ආබාධිත වූ රණවිරුවන් සහ රණවිරු වැන්දඹුවන් සඳහා රණවිරු සුරැකුම් දීමනාවක් හා සේවා කාලය වසර 10/12ට අඩු රණවිරුවන් සඳහා සේවා විශ්රාම වැටුපක් ලබා දී තිබෙන බවත් ඒ මහතා පැවසීය.
ත්රිවිධ හමුදාවේ ක්රියාන්විත සේවයේ යෙදී ආබාධිතව විශ්රාම ලබන නිලධාරීන්ට 100෴ක දුබලතා විශ්රාම වැටුප් ගෙවීම ආරම්භ කළ බැවින් වයස අවුරුදු 55 සම්පූර්ණව විශ්රාම ලබන නිලධාරීන්ට මෙන්ම වැටුප් අහිමිව සිටි නිලධාරීන්ටද ප්රතිලාභ ලබාගැනීමට අවස්ථාව ලැබී තිබෙන බවද ජගත් ඩී. ඩයස් මහතා සඳහන් කළේය.
මේ අතර ජාතික විශ්රාම දින සැමරුම් උළෙල පළාත් 09 නියෝජනය වන පරිදි ඔක්තෝබර් 08 වැනිදා පැවැත්වෙන බවද අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.