ආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි මරණයට පත්වු අයකුට කොරෝනා ආසාදිතයකු බවට සනාථ විමේන් පසු 20කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවි අබේරත්න මහතා පැවසිය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ එච් 8 ගම්මානයේ අබේරත්න හේරත් මුදියන්සේලාගේ තිලකරත්න ( 60 ) නැමති තිදරු පියෙකී.
අදාල අය එච් 8 ගම්මානයේ වැවේ දිය නාමින් සිටියදි 22 දින දියේ ගිලි මරණයට පත්විමේන් පසු ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමේන් පසු පුත්තලම මුලික රෝහලට පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කර සිටියදී සිදුකල පිසිආර් පරික්ෂණයකදි කොරෝනා ආසාධිතයකු ලෙස සනාථ වු බව කියයි.
පසුව දියේ ගිලි මරණයට පත්වු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනා ගත් අය රෝහල් රුගෙන ගිය හා ඔහු ඇසුරු කලබව කියන පිරිසෙන් 20 ක පමන පිරිසක් මේ වන විට හදුනාගෙන නිරෝධායනයට යොමු කර ඇති බව කියයි.
එසේම ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා පවසා සිටියේ අදාල ප්‍රදේශය භාර කටයුතු කරන මහජන සෞඛ්‍ය පරික්ෂක සිසිල් චාමර මහතා අදාල කටයුතු සදහා මේ වන විටත් යොමු කර ඇති බවත් නිරෝධායනයට යොමු කර ඇති 20 දෙනාට අමතර තවත් මෙම කොරෝනා ආසාදිතයා ඇසුරු කල තවත් 50 ක පමණ පිරිසක් මග හරිමින් සිටින නිසා ඔහුන් සියලු දෙනාම හදිසි පිසිආර් පරික්ෂණයකට ඉදිරි දිනයෙදි යොමු කිරිමට කටයුතු කරන බවයි.
මරණයට පත්වු තැනැත්තාගේ සිරුර ආණමඩුව සුසාන භුමියේදි 24 දින අදාහනයට කටයුතු යොදා තිබුනී.